ඔබම වෙනුවෙන්……….

තරිදු ඔබ නම් අහස දිදුලන

ළංව හිනැහෙන තරු කැකුල වෙමි

ඔබේ සිහිලැල් කිරණෙ රැදෙමින්

සදා ඔබ හට තනි රකින්නෙමි……….

නදිය ඔබ නම් ගලා බස්නා

ඉවුර වී මා ළගින් ඉන්නෙමි

ඔබෙ සිහිල් දියදහරෙ වෙලෙමින්

සේදි සේදී ඔබට එක්වෙමි………..

පැතුම් ඔබ හද පිරවෙනා කල

පියුම වී දෝතෙහි පිපෙන්නෙමි

ඔබේ පැතුමන් ඉටු කරන්නට

බුදුන් පාමුල පිදී පරවෙමි………..

අළු දෑස තුල දුක පිරෙනදා

සිනාවක් වී මුව රැදෙන්නෙමි

ඔබේ කදුළුත් නෙතට අරගෙන

දෑස දියවෙන තුරු හඩන්නෙමි………….

විසල් සෙනෙහස් ගග සිදුන දා

මගේ සතුටද ඔබට දන්දෙමි

බලා එකමෙක වරක් ඔය මුව

ඔබම වෙනුවෙන් මිය ඇදෙන්නෙමි……….

කාර්යාලයේ වැඩ අඩු දවසක් අද…….ටිකා….ක් විතර කම්මැලියි……..ඒ නිසා ඔන්න මගේ නිර්මාණයක් එක් කලා……..

5 responses to this post.

  1. සුන්දර අදහසක්.. ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ. ආපහු කම්මැලි දවසක් හම්බුනේ නැද්ද , ලියන්න ?
    දිගටම ලියන්න..
    -ජය

    පිළිතුරු සැපයීම

  2. Posted by සාවිත්‍රි on 20/03/2010 at ප.ව. 12:17

    සුන්දර නිර්මාණයක්!!! තවත් ලියන්න.

    බ්ලොග් එක කියවන අපිට නම් හිතෙන්නේ ඔබට කාර්යාලයේ වැඩ අඩු කම්මැලි දවස් එන එක හොඳයි කියලා. එතකොට තවත් සුන්දර නිර්මාණයන් අපිත් එක්ක බෙදා හදා ගනීයිනේ.

    පිළිතුරු සැපයීම

  3. එහෙම දවසක් එන්නේ කලාතුරකින්….ඒ වගේ දවස් මාර කම්මැලියි.ඒ නිසා කාර්යබහුල දවස් වලට මම නම් කැමතියි…ස්තූතියි සාවිත්‍රී යෝගී ආවාට…..ඔයාලා මට දිරියක්…

    පිළිතුරු සැපයීම

  4. Posted by මම දන්නේ නෑ on 24/03/2010 at ප.ව. 4:32

    ඇත්තමයි සිත්මල් යාය ඔයගේ කවි සිතුවිලි හරිම ලගන්නා සුලුයි…දැන්නම් මාත් කැමතියි ඔයාට කන්තෝරුවේ වැඩ නැත්තම්…

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.