හ්ම්……..කාලෙකින් ලියන්නබැරි වුනා………..හුග දවසකට පස්සේ ලියන්න හිතුනේ උදේ පාන්දරම සිද්ද වෙච්ච හිත රිදෙන සිද්ධියක් නිසයි….. අදත් හැමදාම වගේ උදේ පාන්දරම අවදි වෙලා ලහි ලහියේම ලෑස්තිවෙලා හරියට කවුරු හරි පස්සෙන් එලවගෙන එනව වගේ හදිසියට පාරට දුවං ආවෙ සුපුරුදු පරිදි සේවා ස්ථානයට එන්න….
දිවුවෙ අපරාදෙ කියලා හිත හිත පාරට වෙලා හති අරිද්දි මෙන්න බොලේ බස්එක එනවා…BUS HALT එකේ හිටපු අනෙක් හතරපස් දෙනාත් එක්ක ඔන්න මමත් බස්එකට ගොඩ වුනා….බස් එක සුපුරුදු පරිදි මගීන්ගෙන් පිරීගොහින් .මං හිතන්නේ වෙනදටත් වඩා…මොකද අද බස් එකෙන් බාගයක් ව්තරම පාසල් දරුවන්..ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 10,11 වසරවල ළමයින්…ඔවුන්ගේ ගුරුවරියක්ද ඔවුන් සමග බස්රථයේ සිටියා….මම හිතුවේ මේ දවස්වල ක්‍රීඩා කටයුතු හෙම බොහොම තියන නිසා ඒවට සහභාගීවීමට යන දරුවො වෙන්න ඇති කියලයි…
මමත් වවුල් න්‍යායෙන් බස්එකේ හිටගෙන..මා ළගම ආසනයේ පාසල් සිසුවියක් වාඩිගෙන සිටියා…ටික දුරක් යන විට වයසක මවක් බසයට ගොඩ වුනා…අසරණ පෙනුමැති තැනැත්තියක්..බොහෝම බයාදු පෙනුමක් තිබූ ඇය රෝගීව සිටිබව පෙනෙන්නට තිබුනා…ඇයත් මා අසලින්ම සිට ගත්තා… ඇයට සිටගෙන සිටීමේ අපහසුතාවය පෙනෙන්නටම තිබුණා..එහෙත්..ඒ අසල වාඩිගෙන සිටි පාසල් වයසේ යුවතිය අර අසරණ මව නොදුටු ලෙසින්ම සිටියා… පාසල් යුවතියට අර මවට ආසනය දෙන ලෙස කීමට දෙතුන් වරක්ම සිතුනත් කරුණු කීපයක් මගේ ඒ අදහස වැලැක්වූවා…ඇයත් සමග ඇයගේ ගුරුතුමියක්ද සිටීම.මා ඇයට එසේ කීමෙන් ගුරුවරිය අපහසුතාවයට පත්වේයැයි සිතීම..ඒ කරුණු…
අසරණ රෝගී මව දිගටම බසයේ හිටගෙන…මේ දර්ශනය මගේ හිත කැළඹුවත් අනෙක් මගීන්ගේ අවධානයට ලක් නොවුනා වගෙයි.එසේ විය හැකියි..බසයේ මගීන් වැඩියි..ඒ වගේම සිද්ධිය වුනේත් මා අසලම…සිද්ධියේ ඊළග දර්ශනය ඊට වඩා දුක හිතෙන්නක්.බසය ඉදිරියට ඇදෙද්දී ඊළග නැවතුමෙන් බසයට නැගුනේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුභවතෙක්..ඉතාම තරුණ සිනාමුසු ප්‍රියමනාප පුද්ගලයෙක්.. ඔහු බසයට නැගුණා පමණයි මා අසල සිටි පාසල් යුවත්ය ආසනයෙන් නැගී සිටියා …ගුරුභවතාට අසුන් ගන්නා ලෙස ඇරයුම්කලා….වටපිට බැලූ ගුරුභවතා කාරුණිකව ඇගේ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කලා…ඔහුද අර මව මෙන් බසයේ හිටගෙන ගියා….පුදුමය ඒක නෙවෙයි….අර යුවතිය නැවතත් එම ආසනයේම අසුන්ගෙන සුපුරුදු පරිදි කවුළුවෙන් ඉවත බලා ගත් එකයි…
ඊළග නැවතුමෙන් මා සේවා ස්ථානය අසලින් බැසආවේ මොකක්දෝ කියාගන්න බැරි දුකකුත් හිතේ පුරෝගෙන…පාසලේදී එදා දරුවන්ට ඉගැන්වූ දයාව,කරුණාව වැඩිහිටියන්ට සැලකීම පිළිබද පාඩම් දැන් පාසල්වල උගන්වන්නේ නැද්ද? එසේ නොවන්නේ නම් අපේ රටේ මතුපරපුරේ ආත්මීය පිරිහීමක පෙරළකුණු අද උදෑසන මට දකින්නට ලැබුනාද?….තාමත් මං හිතනවා….හිතට දුක දැනුනේ ඇය පාසැල් සිසුවියක් වීම ගැනයි….

</a
Posted by දයියා on 18/03/2010 at පෙ.ව. 8:30
ශ්‍රියාණි
දවසකට අපිට හිත් රිදවගන්න වෙන දේවල් කොච්චරනම් දකින්න තියෙනවද? සමහර දේවල් වලට මැදිහත් වෙන්න පුළුවන්, තවත් ඒවට අහක බලා ගන්න වෙනව, සමහර දේවල් වලදි ඇස්දෙක රිදෙනකං අඬන්න වෙනවා. හැබැයි මේ සේරම දේවල් වලින් හිත් රිදව ගන්නෙ අපි වගේ සංවේදී එවුන් විතරයි. මොනව කරන්නද අපි අපේ දරුවන්නට වත් කියල දෙමු මුළු ලෝකෙටම ආදරේ කරන්න ඔන කියල.
Posted by srisenadheera on 19/03/2010 at පෙ.ව. 6:24
ඒක ඇත්ත….මටත් මේ සංවේදීකම වෙලාවකට මහා කරදරයක්…ඒත්,ඒක මගේ වාසනාවට මට ලැබුන දායාදයක් කියලයි මටනම් හිතෙන්නේ….මොන සිද්දියක් දැක්කත් මට ඒකෙ සංවේදී පැත්ත පේනවා…ඒක දුක හිතෙන දෙයක් වුනත්,සතුටුදායක දෙයක් වුනත්…ඒත් අනෙක් අය ඒ වගේ නැතිවුනාම හිත රිදෙන එක වලක්වාගන්න අමාරුයි…ස්තූතියි සහෝදරයා ආවට…ඔව් අපි උත්සාහ කරමු…
Posted by මනුස්සකම on 18/03/2010 at පෙ.ව. 8:33
මම හිතන්නෙ අද කාලයේ ළමයින්ට උගන්වන්නෙ විශය කරුණු විතරයි සාරධර්ම ගුණ ධර්ම උගන්වන්නෙ නෑ හේතුව ගුරුවරුන්ගෙන් බෝහෝ පිරිස ඒව දන්නෙ නෑ.ළමයි කොහොම හදන්නද එයාලත් පිස්සු කෙළින තොට!
Posted by srisenadheera on 19/03/2010 at පෙ.ව. 7:27
පුංචිම පුංචි කාලේ මට අ යනු ආ යනු කියලා දුන්න ගුරුවරයෙක් දුක්කත් මට නම් එදා ඒ පුංචි දවස්වල ඒ ගුරුතුමා ගුරුතුමිය කෙරෙහි තිබුණු ගෞරවය,ආදරය අදත් ඒ විදිහටම දැනෙනවා.අද දරුවන්ගේ හිත්වල ඒක නැතිවීමට වගකියන්න ඕනත් ඒ ගොල්ලන්ගේ ගුරුවරුන්ම තමයි කියලයි මටත් හිතෙන්නේ….ඒත් එහෙමයි කියලා දරුවන්ට ඒ චෝදනාවෙන් නිදහස් වෙන්න බූ සහෝදරයා….ස්තූතියි ගොඩවැදිලා අදහස් දැක්වූවාට……
Posted by Sarath Gunatunga on 18/03/2010 at ප.ව. 7:37
මීට හේතුව ආත්මාර්ථකාමි බව. ඒකට හේතු අද සමාජයේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔක්කොම ලියන්න මේ පිටුව මදි. මම හිතන්නෙ ගුරුවරුත් ඒව දන්නෙ නැහැ. මහා අවාසනාවන්ත තත්වයකට මුලු රටම ඇද වැටිල තියෙන්නෙ. ආයෙත් මුල ඉඳල කුඩා ලමයින්ගෙන් පටන් ගෙන සාරධර්ම පුරුදු කලේ නැත්නම් බටහිර ජාතීන් වගේ ආත්මාර්ථබව ඉහ වහා යනව.
Posted by srisenadheera on 19/03/2010 at පෙ.ව. 6:29
අපි දැනටමත් එහෙම වෙලා මිත්‍රයා….අපි සංවර්ධනය කියන වචනයේ මුවාවෙන් බටහිරින් අරගෙන තියෙන්නේ ආත්මාර්ථකාමීකම විතරයි…අපේ පුංචිකාලේ අපේ හිත්වල ගුරුවරුන්ට,වැඩිහිටියන්ට තිබුණු ආදරේ අද දරුවන්ගෙන් කලාතුරකින්වත් මම නම් දැකලා නූ….ලෝකෙ දියුණු වෙද්දි අපේ රට පිරිහිලා….
Posted by සාවිත්‍රි on 20/03/2010 at ප.ව. 12:09
ඇත්තටම හොඳ ලිපියක්!! තවත් ලියන්න ඉක්මනටම.
මේ දේවල් අපි කතිකාවතකට ගේන එක සමාජ මෙහෙවරක්.
මං නම් හිතන්නේ මෙහෙමයි. ලෝකේ වෙනස් වෙනවා ඒක නවත්වන්න බෑ. ඒත් අපිට පුළුවන් වෙනස් වෙන ලෝකේ වෙනස් වීම හොඳ අතට හරවන්න. උඩ බලාගෙන හිටියොත් නම් ඒක වෙන්නේ නෑ. ඒත් අපිට පුළුවන්නේ අඩුමතරමේ අපි ඇසුරේ වැඩෙන පුංචි පැංචියන්ව හරි යහ මගට ගන්න. ඔය වගේ අවස්ථාවක් ආවොත් මං කරන්නේ අර සිසුවියට විතරක් ඇහෙන විදියට එයාට කිට්ටුවෙලා අහනවා “නංගියෝ මේ අමාරුවෙන් යන ආත්තම්මට ඔය සීට් එක දුන්නොත් හොඳයි නේද?” කියලා, එයා මොන තීරණය ගත්තත් අඩු ගානේ අපිට යම් තරමකට සෑහීමකට පත් වෙන්න පුළුවන්නේ අපේ කොටහ ඉටු කළා කියලා. හැම වේලේම හොඳ දෙයක් කරන්න නම් කැපවීමක් සටනක් කරන්නම ඕනේ.
Posted by srisenadheera on 22/03/2010 at පෙ.ව. 6:31
ඒ ළමයා පුංචි පැංචියෙක් නෙවෙයි සාව්ත්‍රී…අවු.15,16ක් වෙන ළමයෙක්…අනික එයා දන්නවා ගුරුවරුන්ට සලකන්න…වැඩිහිටියන්ට නෙවෙයි…අනෙක අද ඒ වයසේ දරුවොත් එක්ක කථාකරන එක අති භයානකයි….දන්නවනේ…