දික්කසාදය………..?

සෙනෙහසින් ඉගිමැරූ දෙනෙත් මත

කිමද අද වෛරයේ රුදුරු ගිනි

සත්තමයි ආත්මෙන් ආත්මෙට

ඔබවමයි පැතුවෙ මගෙ ලෝකයට…..

ආදරෙයි සදාකල් මං නුඹට…

ඔබට කැප වූ මගේ ගතද සිත

වෙනකෙකුට පිදූ බව කියන්නට

වෙහෙස වෙන නීති මුදලාලිලා

දන්නෙ කොහොමද අපේ සෙනේහය….

මං නුඹට පෙම් කෙරූ විලාසය…

ළයෙහි හිස හොවා මා සැනසවූ

වදන්වැල් අමුතු වී වියරු වී

විනිසුරන් ඉදිරියෙහි ඇද හැලෙනු

අසා ඉමි අසිහියෙන්…..

ඔබෙ සුවද එවේලෙත් මං ළගය….

ඇය වෙතට ඇදී ගිය ඔබේ සිත

තවත් රදවා ගන්න ඇවැසි නැත

ඔබට සතුටක් සුවක් දැනේනම්

මගේ පෙම ඒ නමින් පුදන්නෙමි…

දුක දරා මං තනිව හිදින්නෙමි…..

5 responses to this post.

  1. Posted by මම දන්නේ නෑ on 24/03/2010 at ප.ව. 4:21

    මේ කවියත් ගොඩාක් ලස්සනයි…එත් වෙදනවක්දැනෙන්වා කියවද්දි…
    ඔයාගේ අත්දැකිමක් නොවෙවා කියලා ප්‍රාර්තනා කරනවා….

    පිළිතුරු සැපයීම

  2. ” ඔබට සතුටක් සුවක් දැනේනම්
    මගේ පෙම ඒ නමින් පුදන්නෙමි…
    දුක දරා මං තනිව හිදින්නෙමි… ”
    ඒක තමා ආදරේ කියන්නේ නේද ? ඒත් , මේක දකින අහන කාගෙවත් අත්දැකීමක් නොවේවා කියලා පතනවා !
    -ජය

    පිළිතුරු සැපයීම

    • දික්කසාදයෙන් කෙලවර වුනු විවාහවල දෙපාර්ශවයම අවසානයේ දුක් වෙනවා කියලා මට හිතුනා….ඒකයි කවියට හේතුව…..මගේ පැතුමත් කාටවත්ම ඒ දුක උරුම නොවේවා කියන එක තමයි…..සිත්මල්යායට මුල්ම ආශිර්වාදය ඔයාගේ….ඒ නිසා ඒකෙ සාර්ථකත්වයට ඔයත් හේතුවක්….

      පිළිතුරු සැපයීම

      • මට හරි වැඩේ තමයි උනේ..
        ඔයාගේ ” නවතම ප්‍රතිචාර” කියන කොටසේ මං එකපාරටම දැක්කා මෙහෙම
        ” යෝගී on දික්කසාදය……… ”

        අපේ හාමිනේ එහෙම වැරදිලාවත් දැක්කනං මළා !..

  3. ඒ විතරක්යැ ඔය තියෙන්නෙ srisenadheera onදික්කසාදය කියලත්…මාත් ඒක දැක්කේ දැන්……..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.